පාරභෞමිකයන් සහ ඔවුන් ගේ හැසිරීම

බටහිර මාධ්‍යයන් විසින් පාරභෞමිකයන් සම්බන්ධ සිද්ධීන් වල ආරම්භය 1947 ලෙස හුවා දැක්වුවද එම සිද්ධීන් සම්බන්ධ කතා ඉතා ඈත අතීතය දක්වා පැතිර යයි. අතීතයේදී දෙවිවරු නැතිනම් යක්ෂයින් ලෙස සැලකූ පාරභෞමිකයන් අද වන විට හඳුන්වන්නේ පිටසක්වළ ජීවීන් ලෙසය. මෙය මහා පරිමාණයෙන් සිදු වූ CIA කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. එය අනෙකුත් රටවල් වල බුද්ධි අංශ නොමඟ යැවීම සඳහා ක්‍රියාත්මක වූ CIA විසින් මෙහෙය වන ලද ඉතා සාර්ථක ව්‍යාපෘතියකි. පාරභෞමිකයන් පිටසක්වළ ජීවීන් බවට මිනිසුන්ගේ මනසට මතයක් ඇතුලු කර ඇමරිකාව ඔවුන් සමග කටයුතු කරන බවට විවිධ මාර්ග වලින් ප්‍රචාරය කරවීම මගින් සමස්ත ලෝකයම නොමග යැවීමට CIA සංවිධානය කටයුතු කර තිබේ. මෙම විෂය සම්පූර්ණයෙන්ම ව්‍යාජ සිද්ධීන් සහ ගෙතූ කතා මගින් වසා දමා ඇති විෂයක් බවට පත් කර ඇත. සත්‍ය සිදුවීම් සහ ව්‍යාජ සිදුවීම් එකිනෙක වෙනස් කර හඳුනා ගත හැකි නොවන අයුරින් ඉදිරිපත් කර ඇති නිසා සමස්ථ විෂයම සිනහවට භාජනය වන දෙයක් බවට පත් කර ඇත. ඔවුන් එමගින් සැඟවීමට උත්සහ කරන්නේ කුමක් ද යන්න ඉතා සිත්ගන්නා සුළු ප්‍රශ්නයකි.

පාරභෞමිකයන් ගැන දළ වශයෙන් හෝ අදහසක් ලබා ගැනීමට නම් ඒ සම්බන්ධ සත්‍ය සිදුවීම් සියයකට වඩා කියවිය යුතුය. Jacques Vallee මහතාගේ Passport To Magonia නම් කෘතිය ඒ සඳහා වඩාත් සුදුසුම මූලාශ්‍රය බව මාගේ හැඟීමයි. පාරභෞමිකයන් සම්බන්ධ සිදුවීම් එකිනෙකට නොගැළපෙන, තනි අදහසකට ලඝු කල නොහැකි සිදුවීම් බව එම කෘතිය කියවීමෙන් ඔබ හට පැහැදිලි වනු ඇත. පාරභෞමිකයන්ගේ හැසිරීම වෙනත් ලෝකයකින් පැමිණි අයට වඩා දේව සහ යක්ෂයන්ගේ හැසිරීම් වලට සමානකමක් දක්වන බව ඒ සම්බන්ධව ක්‍රියා කරන පරික්ශකයින් විසින් හඳුනාගෙන ඇත.

පාරභෞමිකයන් සහ ඔවුන් ගේ යානා මවන ලද භෞතිකමය ප්‍රක්ශේපණයන් (physical projections) බව ඇතැම් පරීශකයන් පවසති. පාරභෞමිකයන් ගේ විකෘති සහගත අංග චලන රටා සහ පිපිරුනු යානා කොටස් වල Isotopic Metal Analysis ප්‍රතිඵලයන් මෙම සංකල්පයට සාක්ෂි සපයන බව ඔවුන් පවසති. පිපුරුනු යානා කොටස් වලින් 100% පිරිසිදු මැග්නීසියම් හමුවීම ද ඉතා වැදගත් සාක්ෂියකි.

පාරභෞමිකයන් සහ ඔවුන්ගේ යානා මිනිසුන් ඉදිරියේ පෙනී සිටිනුයේ හිතා මතාම බවත් එය කිසිසේත්ම අහඹු සිදුවීමක් නොවන බවත් ඔවුන්ගේ පෙනීසිටීම සහ ඔවුන් පවසනා දේවල් මිනිසුන් නොමඟ යැවීම අරමුණ කරගත් දෙයක් බව බොහෝ සිදුවීම් පරීක්ෂා කිරීමේදී පෙනී යයි. මිනිසා හට පාලනය කල නොහැකි මෙම සංසිද්ධිය භෞතිකවාදීන් යැයි කියගන්නා අය හට එල්ල කරන මරු පහරකි.

ක්‍රියාවලිය සහ එය හඳුනා ගැනීම

මෙම ඡායරූපයේ ඇති බුදු පිළිම දෙස බලන්න. ඔබට කුමක් සිතෙන්නෙහි ද? මෙහි වැඩ සිටින සිටින සියලුම බුදු වරුන් ස්ව උත්සාහය නිසා පමණක් බුදු වුනිද? එසේ නම් ඇයි බුදු වරු නැවත නැවත පහල වන්නේ ? හොඳින් කල්පනා කර බලන්න. දෙයක් නැවත නැවත සිදුවන්නේ නම් එය යම් කිසි බලවේගයක බලපෑම නිසා සිදු වන්නක් විය යුතුය. එම බලවේගය පරිසරය(ක්‍රියාවලිය) ලෙස අප දැනට නම් කර ගමු. නැවතත් ඡායරූපය දෙස බලන්න. බුදු දහම සහ බුදුවරුද පරිසරය නැමති ක්‍රියාවලිය විසින් නිර්මාණය කරන ලද්දක් බව ඔබට වැටහෙනු ඇත. මෙම ක්‍රියාවලිය විසින් අනාගතයේ දී නැවත නැවතත් බුදුවරු පහල කරනු ඇත. නැවත නැවතත් හිට්ලර් වරු නිර්මාණය කරනු ඇත. සෞභාග්‍යමත් කාල පරාස නිර්මාණය කරනු ඇත. විනාශකාරී යුගයන් නිර්මාණය කරනු ඇත. හොඳ සහ නරක යන දෙකම නිර්මාණය කරනු ඇත. ඔබ ඉපද වූයේද ඔබ හට ලෙඩ රෝග සාදා ඔබ මරා දමනුයේ ද මෙම ක්‍රියාවලිය විසිනි. ක්‍රියාවලිය විසින් යම් කෙනෙකු මැරීමට තීරණය කල පසු බුදු වරයෙක් පවා එය වෙනස් කිරීමට කටයුතු නොකරයි. උන් වහන්සේලා එම පුද්ගලයාගේ ඊළඟ භවය යහපත් කිරීමට පමනක් උත්සහ කරති.

මදක් නවතින්න. ඔබ ඔබ ගැනම සිතන්න. අද උදයේ සිට මේ මොහොත වන තෙක් කොපමන සිතුවිලි ප්‍රමාණයක් ඔබේ සිතේ හට ගත්තේ ද? අද උදයේ සිට මේ මොහොත වන තෙක් ඔබ සිදු කලේ ඒවාට අවනත වීම පමණක් නොවේද? එම සිතුවිලි පැමිනියේ කොහි සිට ද කියා අප හට හඳුනා ගත හැකිද? ඔබ සහ මම රූකඩ මෙන් හැසිරුනා පමනක් නොවෙද? විභාගයක දී ඔබ උත්තර සිතුවාද නැතිනම් සිතුනාද? උත්තර කුමන බලවේගයක් විසින් පාලනය කරන ලද්දේ ද? හොඳින් පාඩම් කල සැවොම දොස්තර වරු වුනිද? ඔබ යම් කිසි නව නිර්මාණයක් සිදු කල ද එය සුදුසු කාලය නොවේ නම් එම නිර්මාණය සමාජ ගත වීමට මෙම ක්‍රියාවලිය ඉඩ නොදේ. බෝලය පාර දෙසට විසි කර දරුවාට එක වරම පාරට දුව යාමට සිත් ඇති කර සහ රියදුරාට වේගයෙන් යාමට සිත් ඇති කල මෙම බලවේගය අවසානයේ කෙසේ හෝ එහි ඉලක්කය සපුරා ගනු ඇත.දරුවා සහ රියදුරා රූකඩ මෙන් හැසිරුන නිසා ක්‍රියාවලියට අවශ්‍ය දේ කර ගැනීමට එයට හැකියාව ලැබුනි.

ඉතින් අප හට කුමක් ද කල හැක්කේ? මෙම ක්‍රියාවලිය පරාජය කල හැකිද? මෙම ක්‍රියාවලිය කර්මය යැයි කියා නොසලකා සිටිය හැකිද?

බුදුන් වහන්සේ අප හට කදිම උපමාවක් දේශනා කරති. ඊතලයක් ඇනුනු විට එය පැමිණියේ කොහි සිට ද කියා නොසොයා ඊතලය ඉවත් කළ යුතුය. ඉතින් අප වැනි දුර්වලයන් හට කල හැකි එකම දෙය සිතුවිලි පැමිණියේ කොහි සිට ද කියා නොසොයා සිතුවිලි වල අනිත්‍ය තාව දැකීමයි. තව දුරටත් රූකඩයක් බවට පත් නොවීමයි. මතක තබා ගන්න, ඔබ යනු සිත නොවේ. ඔබ සහ සිත යනු දෙදෙනෙකි. ඔබ සිතෙහි සේවකයෙකු නොවේ. එමනිසා ක්‍රියාවලිය විසින් ඇති කල ඔබේ නොවන සිතුවිලි ගනන් ගැනීමෙන් වලකින්න. අරක නෑ මේක නෑ හෙට අරක කරන්න තියනවා මේක කරන්න තියනවා… සිතේ ප්‍රශ්න එයටම තබා ගන්නට හැර ඔබ ඔබේ පාඩුවේ ඉන්න. මෙය කාලයක් පුහුණු වූ පසු පැමිණිලි කාර සිත දෙස ඔබ බලනුයේ කුණු කසළ ගොඩක් දෙස බලන්නාක් මෙනි. තව දුරටත් ඔබ ක්‍රියාවලියේ රූකඩයක් නොවේ. මෙය අර්යෂ්ඨංගික මාර්ගයේ ආරම්භය වන සම්මා දිඨ්ඨිය නොවන්නේ ද?

ක්‍රියාවලිය විසින්ම බුදු කෙනක් නිර්මාණය කර ක්‍රියාවලියෙන් ගැළවීමේ මග එය විසින්ම ඉදිරිපත් කර ඇතැයි කියා අප සිතමු… අප වැනි කුඩාවුන් වෙන කුමක් කරන්න ද?